රාජපක්ෂ පවුලේ දේශපාලනයට දුර්වලම පුද්ගලයා ගෝඨා – ලාල්කාන්ත

රාජපක්ෂ පවුලේ දේශපාලනයට දුර්වලම පුද්ගලයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා මේ බව කියා සිටියේ කොළඹ ඊයේ(15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් .

තනි තනි වීරයෝ වගේ එන මිනිස්සු අපි කවදාවත් ගණන් ගන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයා ගෝඨාභයට වඩා දේශපාලනඥයෙක් නේද? අති දැවන්තයිනේ… දැනුත් එහෙමයිනේ… මහින්දට මොකද වුණේ…  මහින්ද අපි අභියෝගයක් විදිහට ගත්තා… ගත්ත වගේම මහින්දව යැව්වා…  තනි තනි වීරයන්ට මේක කරන්න බෑ… තනි පුද්ගල ප්‍රශ්නවලට මේක උත්තර හොයන්න බෑ.. එහෙනම් ඉතින් මහින්ද රාජපක්ෂ ගෝඨාභයට වඩා පොරක්නේ… හැදුවද රට… විනාශ කරලමනේ ගියේ… මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ කියලා ගත්තොත් ඔය රාජපක්ෂ පවුලේ ගත්තොත් දේශපාලනයේ දුර්වලම කෙනා තමයි ගෝඨාභය රාජපක්ෂ කියලා ඔය ගේනවා නම් ගේන්න හදන්නේ. දැන්ම මතක තියා ගන්න.

The post රාජපක්ෂ පවුලේ දේශපාලනයට දුර්වලම පුද්ගලයා ගෝඨා – ලාල්කාන්ත appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico