රාජපක්ෂ කළු දසකය අමතකවු ගෝඨා වැදිබන දෙසයි !

පසුගියදා කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේ පැවති වියත් මග සම්මන්ත්‍රණයට සහභාගි වෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ රටේ වත්මන් ආර්ථික පසුබෑමට හේතුව රාජ්‍ය දූෂණය බවයි. රටක් ආර්ථික වශයෙන් සංවර්ධනය වීමට නම් පාලකයන් මෙන්ම නිළධාරීන්ද දූෂණයෙන් තොර වියයුතු බව ඔහු ප්‍රකාශ කර තිබේ.
 තවදුරටත් කරුණු දක්වමින් ඔහු පවසා ඇත්තේ සියලු දෙනා රටේ ව්‍යවස්ථාවට සහ නීතියට අනුව කටයුතු කළයුතු බවයි. කිසිවෙකුටත් නීතියට හා ව්‍යවස්ථාවට පිටින් කටයුතු කළ නොහැකි බවයි ඔහු සඳහන් කර තිබෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළකර ඇත්තේ සිය සොයුරු, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද තමන් ඉදිරියේ හිඳගෙන සිටියදීය.
එක්කෝ ගෝඨාභය රාජපක්ෂට පසුගිය වසර 10 ක 15 ක ඉතිහාසය අමතක වන අසනීපයක් වැළඳී තිබේ. එසේත් නැත්නම් රටේ බහුතර ජනතාවට එම ඉතිහාසය අමතක වී ඇතැයි ගෝඨාභය සිතනවා විය හැකිය.
ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයකදී මේ වැදිබණ දෙසන්නේ වසර 10 ක් තිස්සේ රට සහ රටේ සම්පත් තමන්ගේ බූදලයක් ලෙස සලකා කටයුතු කළ හිටපු ආරක්ෂක ලේකම්වරයාය.
ගෝඨාභය රාජපක්ෂ මහතාට අමතක වී ඇති එම දූෂිත ගනුදෙනු, රාජ්‍ය දේපල සහ මුදල් වංචා කිරීම් කිහිපයක් ඔහුගේ අවබෝධය සඳහා සටහන් කරමු.
ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීම වෙනුවෙන් පහත් බිම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු මුදල් මිලියන ගණනක් භාවිතා කිරීම
2015 ජනාධිපතිවරණයේදී ස්වාධීන රූපවාහිනිය මගින් විකාශය කළ මහින්ද රාජපක්ෂගේ මැතිවරණ දැන්වීම් සඳහා මුදල් ගෙවීම පැහැර හැරීම
දූෂිත මිග් යානා ගනුදෙනුව හරහා ලොව කිසිදු රටක ලියාපදිංචිය නොමැති සමාගමකට ඇමරිකානු ඩොලර් මිලියන 10 ක් ගෙවීම
දිවි නැගුම අරමුදල් භාවිතා කරමින් හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ලිත් මුද්‍රණය කිරීම
2015 ජනාධිපතිවරණ සමයේ සිල් රෙදි බෙදාදීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600 ක් භාවිතා කිරීම
ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීම හරහා සිදු වූ මිලියන ගණනක පාඩුව
මේ පසුගිය පාලන සමයේදී රාජපක්ෂලාගේ මෙහෙයවීම මත සිදුකළ දූෂණ-වංචා අතලොස්සක් පමණි.
පොලීසියේ හා ත්‍රිවිධ හමුදාවේ නිළධාරීන්, සාමාජිකයන් ලවා විවිධ අපරාධ සිදුකළ, උතුරේ දකුණේ පුද්ගලයන් අතුරුදන් කළ, සුදුවෑන් සංස්කෘතියක් බිහිකළ ගෝඨාභය දැන් සියලු දෙනා රටේ නීතියට ගරු කරමින් කටයුතු කළයුතු බව ප්‍රකාශ කරයි.
තමන් ඉදිරිපිට තබා ගනිමින් ගෝටා මලයා දෙසාබාන වැදිබණ අසමින් සිටි හිටපු ජනාධිපතිවරයාට ‘මේ යකා මරු කියවනවාද’යි නොසිතුනා නම් පුදුමයකි.
(LNW)

The post රාජපක්ෂ කළු දසකය අමතකවු ගෝඨා වැදිබන දෙසයි ! appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico