රනිල් අයින් කරලා නව සන්ධාන ආණ්ඩුවක් හදන්න මහින්ද එකගවේ

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත් කරමින් ගොඩනගන නව ආණ්ඩුවක් සදහා කොන්දේසි සහිත සහයෝගයක් ලබා දීමට ඒකාබද්ද විපක්‍ෂය තීරණය කර ඇත.
ඒ අනුව කඩිනම් මහ මැතිවරණයක් පැවැත්වීමේ එකගතාවය ඇතුළු කොන්දේසි කිහිපයක් මත ඒ වන තෙක් ඇති කරනු ලබන කෙටි කාලීන සන්ධාන ආන්ඩුවක් සදහා ඒකාබද්ද විපක්‍ෂයේ සහාය ලබා දීමට ඒකාබද්ද විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් විසින් තීරණය කර තිබේ.
කෙසේ වෙතත් එම ආණ්ඩුවේ කිසිදු තනතුරක් ඒකාබද්ද විපක්‍ෂයේ කිසිවකු විසින් හෝ නොදරනු ලබන අතර රට පරාජික වීම වැළැක්වීම සදහා ආණ්ඩුව පවත්වාගෙන යාමට උවමනා කරන සහයෝගය ලබා දීමට සාකච්චා වී ඇත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති ඒකාබද්ද විපක්‍ෂයේ පක්‍ෂ නායක හමුවේදී මෙම තීරණය ගෙන තිබින.

The post රනිල් අයින් කරලා නව සන්ධාන ආණ්ඩුවක් හදන්න මහින්ද එකගවේ appeared first on Medaperadiga.





Source From medaperadiga
Author: Udeshi
#SriLanka #News #lka

Powered by WPeMatico