රනිල්ගේ කතාව මැද්දේම, සිරිසේන නෝක්කාඩුවටම නැගිට ගිහිං…..!

ඉන්දියානු සාගරය අපගේ ආනාගතය නිර්වචනය කිරීම යන මැයෙන් විශේෂිත වූ අන්තර්ජාතික සමුළුවක් අද (11 දා) උදෑසන අරලියගහ මන්දිරයේදී ආරම්භ වුණු අතර, දෙදින සමුළුවක් ලෙස පැවැත්වෙන මෙම සමුළුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රම සිංහ මහතාගේ මුල පිරීමෙන් සිදුවන්නකි. මෙහි ආරම්භක සැසිවාරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සමාරම්භක දේශනය පැවැත්වීමට නියමිතව තිබුණු අතර, සමුළුවට ඒ මහතා සහභාගී වී සිටි නමුත් ප්‍රධාන වේදිකාවට පවා නොපැමිණ සිටියේය.නිවේදිකාව විසින් පසුව දැනුම් දෙනු ලැබුවේ ජනාධිපතිවරයාට විශේෂ වැඩකටයුත්තක් යෙදී ඇති බැවින් සහා ශාලාවෙන් පිටත්ව යෑමට සිදුව ඇති බවයි.

The post රනිල්ගේ කතාව මැද්දේම, සිරිසේන නෝක්කාඩුවටම නැගිට ගිහිං…..! appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico