“රනිල්ගෙන් සබිතාගේ සැමියාට නාස්තිකාර ව්‍යාපෘතියක් තෑග්ගක් ලෙස පුදයි”

රාජ්‍ය නිළධාරීන් සඳහා නිල නිවාස 42ක් ඉදි කිරීමට අති විශාල සම්පත් නාස්ති කිරීමක් හා මූල්‍ය අපරාධයක් කොන්ත්‍රාත්කාර ඩී.ජේ. ඉදිකිරීම් සමාගම විසින් සිදු කරන බවට තොරතුරු හෙළි වී තිබේ.කොළඹ 07, හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ, අංක 04 දරන ස්ථානයේ මෙම ඉදිකිරීම් සිදු කරමින් පවතී. රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය විසින් මෙම කොන්ත්‍රාත්තුව පිරිනමා ඇත්තේ ප්‍රකට නිළියක වන සබීතා පෙරේරාගේ මහත්මියගේ සැමියාට වන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පවුලේ සමීපතමයෙකු වන ඩී. පී. ජයසිංහ යන අයගේ ඩී.ජේ. නම් කොන්ත්‍රාත් සමාගමටය.රූඩ් දෙකයි, පර්චස් 32.28ක් වූ භූමියක් මේ සඳහා ලබා දී ඇති අතර මේ වනවිට එහි කොන්ක්‍රීට් ෆයිල් 98ක් බස්වමින් ඉදිකිරීම් ආරම්භ කර තිබේ.මෙතරම් විශාල ෆයිල් බැස්සවීම සිදු කිරීම බලවත් ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබෙන බවද අනාවරණය වේ.

The post “රනිල්ගෙන් සබිතාගේ සැමියාට නාස්තිකාර ව්‍යාපෘතියක් තෑග්ගක් ලෙස පුදයි” appeared first on Medaperadiga.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico