“රණවිරුවන්ගේ උද්ඝෝෂණය පසුපස අපට එරෙහි කට්ටියක්…” – ආරක්ෂක ලේකම්

විශ්‍රාමික ආබාධිත රණවිරුවන්හට සේවා විශ්‍රාම වැටුපක්‌ 2017 වසරේ සිට ලබාදීමට රජය කටයුතු කර තිබියදී ඔවුන් අසාධාරණ ලෙස උද්ඝෝෂණයක නිරතවීම පිටුපස රජයට එරෙහි දේශපාලන වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක වන බව පැහැදිලි යෑයි ආරක්‍ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්‌ටිආරච්චි මහතා පැවසීය.
මෙම ආබාධිත රණවිරුවන්හට සේවා විශ්‍රාම වැටුප් 2017 පෙබරවාරි මස සිට ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස්‌ මත අදාළ කටයුතු මේ වන විට ක්‍රියාත්මකව තිබියදී මෙසේ උද්ඝෝෂණය කිරීම අසාධාරණ බව ද හෙතෙම පැවසීය.
“සේවා විශ්‍රාම වැටුප් දීමනා ගෙවීම ලාච්චුවෙන් සල්ලි අරන් දෙනවා වගේ ක්‍ෂණිකව කරන්න බැහැ. ඒ සඳහා රජයේ පිළිගත් ක්‍රමවේදයක්‌ තිබෙනවා. ඊට අදාළ මුදල් ප්‍රතිපත්ති හා රෙගුලාසිවල වගන්ති 02 ක්‌ සංශෝධනය කළ යුතුව තිබෙනවා. මහා භාණ්‌ඩාගාරයෙන් මුදල් වෙන් කළ යුතුයි. ඒ කටයුතු නිමකර 2017 පෙබරවාරි මස සිට විශ්‍රාම වැටුප් දීමනාව ලබාදෙන බව රජය පුන පුනා කියා සිටියදී රණවිරුවන් උද්ඝෝෂණය කිරීමත්, මාධ්‍ය මගින් ඒ ගැන නිතරම විමසීමත් වැරදියි. ඒවාට නැවත නැවත පිළිතුරු දීමත් අවශ්‍ය නැහැ යෑයි ද ආරක්‍ෂක ලේකම්වරයා පැවසීය.
විශ්‍රාමික ආබාධිත රණවිරුවන් ගේ ඉල්ලීම් සහ ප්‍රශ්න 28 කින් 25 ක්‌ තමා ආරක්‍ෂක අමාත්‍යාංශය මට්‌ටමින් විස¹ අවසන් අතර ඉතිරි ප්‍රශ්නවලින් 02 ක්‌ ද රජය විසින් මෙම සේවා විශ්‍රාම වැටුප් ඉල්ලීම් ද ලබාදීමට කටයුතු කරගෙන යමින් සිටින බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
විශ්‍රාමික ත්‍රිවිධ හමුදා රණවිරුවන් හට රජයේ සහ පෞද්ගලික අංශවල රැකියා 4600 ක්‌ ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ පුද්ගලික අංශවල රැකියා ලබාදීමේ සම්මුඛ පරීක්‍ෂණ ඊයේ (07 දා) කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වූ අවස්‌ථාවට පැමිණි ආරක්‍ෂක ලේකම්වරයා එසේ පැවසීය.

The post “රණවිරුවන්ගේ උද්ඝෝෂණය පසුපස අපට එරෙහි කට්ටියක්…” – ආරක්ෂක ලේකම් appeared first on Medaperadiga.

Source From medaperadiga
Author: Maxa
#SriLanka #News #lka

Powered by WPeMatico