රට පුරා හදිසි ආපදා තත්ත්වයක්! #SriLanka #LKA

රට පුරා හදිසි ආපදා තත්ත්වයක්!

ඒ අනුව ඉදිරි පැය 36ක කාලයක් ධීවර කටයුතුවලින් ඉවත්ව සිටින ලෙස ධීවරයන් දැනුවත් කර තිබේ. දිවයින ආසන්නයේ පැවති අඩු පීඩන තත්ත්වය දැනට දිවයිනට දකුණ දෙසින් පවතින අතර එය තවදුරටත් වර්ධනය වෙමින් වයඹ දෙසට බරව බස්නාහිර දෙසට, එනම් අරාබි මුහුද දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

මෙම බලපෑම හේතුවෙන්, මන්නාරම සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද වැසි ඇති විය හැකි අතර සුළං වේගය ක්ෂණිකව (පැ.කි.මී. 70-80 පමණ) ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතින බව ද ඔවුන් ප්‍රකාශ කරයි. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි ඇති වෙන බවත් සුළං ගිණිකොන සිට ඊසාන දක්වා වන දිශාවලින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40ක් පමණ වන බව ද කාලගුණ නිවේදනය පෙන්වා දෙයි. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි. මි 50-60 දක්වා ඉහළ යා හැකි බව ද ඔවුන් සඳහන් කරයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රධාන හදිසි මෙහෙයුම් මැදිරිය හරහා සියලු දැනුවත් කිරීම් කෙරෙන අතර යම් ගැටළුවක් ඇත්නම් 117 දුරකථන අංකයට හෝ 2670002 දුරකථන අංකයට ඇමතීමෙන් තොරතුරු පිළිබඳ දැනුවත් විය හැකි බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ අතර වැඩිවෙමින් පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය නිසා පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 8ක් විවෘත කර තිබේ. එහි අවධානමක් සහිත ජනතාව වෙත සැලකිල්ලෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටියි.

වැඩිදුරටත් අදහස් දක්වන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා,

ආශිකා බ්‍රාහ්මණ





Source From lankanewsweb
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico