රට පුරා පැය 24ක විශේෂ පොලිස් මෙහෙයුමක්

රට පුරා පැය 24ක විශේෂ පොලිස් මෙහෙයුමක්

අද (13) පස්වරු 6.00 සිට හෙට (14) උදෑසන 6.00 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කරන්නන්ට එරෙහිව විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

බීමත්ව හැසිරෙමින් ඇඳිරි නීතිය කඩකරන්නන්, ඇඳිරි නීති බලපත්‍රය අවභාවිත කරන්නන්, අත්අඩංගුවට ගැනීම සඳහා දැවැන්ත මෙහෙයුමක් අද පස්වරු 6.00 සිට හෙට දක්වා ක්‍රියාත්මක කරන බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

එනිසා කිසිදු අවස්ථාවක නිවෙස්වලින් පිටතට නොයන ලෙසත් කිසිදු අවස්ථාවක අත්‍යාවශ්‍ය සේවාවන් වෙනුවෙන් ලබා දී ඇති ඇඳිරි නීති බලපත්‍ර අවභාවිත නොකරන ලෙසත් අජිත් රෝහණ මහතා මහජනතාවට දැනුම් දෙනු ලබයි.

ඇඳිරි නීතිය කඩ කළහොත් එසේත් නැතිනම් ඇඳිරි නීති බලපත්‍ර අවභාවිත කළහොත් ඒ සඳහා ඉතා දැඩි නීති ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.





Source From local-news AM
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico