රටින් පැන්න හිටපු නාවික හමුදාපති ඇමරිකාවේ දේශපාලන රැකවරණය ඉල්ලයි

හිටපු නාවුක හමුදාපති මෙන්ම වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අමෙරිකා එක්සත් ජනපදයෙන් රැකවරණය ඉල්ලා ඇති බව වාර්තා වෙයි.
මේ වන විටත් ඔහු ඒ සදහා වූ අයැදුම්පත අමෙරිකානු තානාපති කාර්යාලයට බාර දී ඇති බවත් ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග උපුටා දක්වමින් සති අන්ත පුවත්පත් වාර්තා කර ඇත.
කිසිදු සම්බන්ධ නැති වරදකට තමන් චූදිතයකු කර පරීක්‍ෂණ අරඹා ඇති බවත් එනිසා අමෙරිකාවේ දේශපාලන රැුකවරණ ලබා දෙන ලෙසත් ඔහු සිය අයදුම්පත මගින් ඉල්ලා ඇතැයි සදහන්ය.
පසුගියදා පොලිස් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමට සිටියදී එදින අලුයම ඔහු රටින් පිටවිය.
මෙක්සිකෝවේ පැවැත්වෙන සමුළුවක් සදහ් ඔහු සහභාගී වන්නේ යයිද සදහන්ය.

The post රටින් පැන්න හිටපු නාවික හමුදාපති ඇමරිකාවේ දේශපාලන රැකවරණය ඉල්ලයි appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: Maxa
#SriLanka #News #lka

Powered by WPeMatico