රටක් හෙල්ලූ… බ්‍රිතාන්‍ය ජාතිකයෙකු මරා රුසියානු පෙම්වතිය දූෂණය කළ හිටපු සභාපතිගේ අභියාචනය විභාග කරන්න දින තීන්දුයි

2012 වසරේ තංගල්ල ප්‍රදේශයේදී කුරාම් ෂයික් නැමැති බ්‍රිතාන්‍ය ජාතිකයෙකු මරා දමා ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය දූෂණය කිරීමේ චෝදනාවට වරදකරුවන් කර වසර 20 ක් බැගින් සිර දඬුවම් නියම වී සිටින තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් පුෂ්ප විදානපතිරණ ඇතුළු විත්තිකරුවන් හතරදෙනකු විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනා විභාග කිරීම සඳහා අභියාචනාධිකරණය දින නියම කළේය. අදාළ අභියාචනා එස්.තුරෙයිරාජා සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඬුල්ල හමුවේ කැඳවනු ලැබීය. ඒ අනුව අදාළ අභියාචනා විභාගය ඔක්තෝබර් මස 15 වනදා ආරම්භ කරන බව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.විත්තිකාර තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් පුෂ්ප විදානපතිරණ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් තම සේවාදායකයා බන්ධනාගාරය තුළදී දෙවතාවක් හෘදයාබාධයකට මුහුණදී තිබුණත් ඔහුට නිසි ප්‍රතිකාර ලැබී නොමැති බව කියා සිටියේය.ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙනමෙන් බන්ධනාගාර බලධාරීන්ට නියම කරන ලෙස ද නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කළේය.මෙහිදී විනිසුරුවරු සඳහන් කර සිටියේ නීතිපතිවරයාගේ ද සහාය ලබාගෙන මෙම කරුණ පිළිබඳව බන්ධනාගාර බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසයි.2012 වසරේ දෙසැම්බර් මස 24 වනදා රාත්‍රියේ තංගල්ල ප්‍රදේශයේ දී කුරාම් ෂයික් නැමැති බ්‍රිතාන්‍ය ජාතිකයෙකු මරා දමා ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු සම්පත් පුෂ්ප විදානපතිරණ ඇතුළු විත්තිකරුවන්ට 4 දෙනෙක කොළඹ මහාධිකරණය විසින් වසර විස්සක් වගේ බරපතළ සිරදඬුවම් නියම කළේය.එම සිරදඬුවම් නියම කර ඇති ආකාරය නීතිවිරෝධී බව පෙන්වාදෙන විත්තිකරුවන් එම දඬුවම් අහෝසි කර තමන් වසියලූ චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.මේ අතර විත්තිකරුවන්ට මහාධිකරණය මඟින් පනවා තිබෙන සිර දඬුවම් ප්‍රමාණවත් නොවන බව සඳහන් කරමින් නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනය ද ඊළඟ දිනයේ සලකා බැලීමට අභියාචනාධිකරණය නියම කළේය.

The post රටක් හෙල්ලූ… බ්‍රිතාන්‍ය ජාතිකයෙකු මරා රුසියානු පෙම්වතිය දූෂණය කළ හිටපු සභාපතිගේ අභියාචනය විභාග කරන්න දින තීන්දුයි appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico