“රජයේ සේවකයෝ ඉන්නේ අපි වාගේ දේශපාලඥයින්ට ගැතිකම් කරන්නයි”-වජිර

ස්වාධීන යැයි දෙයක් ලෝකයේ නොමැති බවත්, මිනිසුන් උපතින්ම පාටකට, ජාතියකට, ගෝත්‍රයකට ආදී කුමන හෝ දෙයකට අයත් අතර ස්වාධීනයන වචනය යොදන්නේ බංකොළොත් නිසා යැයිද ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය. අනුරාධපුර, ඉපලෝගම කඩියන්ගල්ල ග්‍රාමනිලධාරී වසමේ නිල සෙවණ කාර්යාලය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.රජයේ සේවකයන් රජයේ ප්‍රථිපත්ති ක්‍රියාවට නැංවිය යුතුයි.සමහර අය පරණ පුරුද්දට තාමත් එක එක ඒවා කරනවා, එහෙම කරන්න බෑ. නීතියෙනුත් බෑ. එහෙම කරන්නත් එපා. දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 51-52 වගන්තිවල කියලා තියෙනවා ආණ්ඩුවක් පත්වුණාම ජනාධිපතිවරයා අමාත්‍යාංශවලට ලේකම්වරයෙක් පත් කරනු ඇත, පත් වුණ ලේකම්වරයාගේ රාජකාරිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන්නේ විෂය භාර අමාත්‍යයවරයා දෙනු ලබන නියෝග තමන්ගේ නිළධාරීන් ලවා ඉෂ්ට කර විය යුතුයි කියලා.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සමගාමීව ලියලා තියෙනවා ආයතන සංග්‍රහයත්.රජයේ කටයුතු පැහැර හැරියොත් දඬුවම් ලැබිය හැකි වරදකි. සමහර රජයේ අය කියනවා අපි ඉන්නේ දේශපාලඥයෝ කියන ඒවා කරන්න නෙමෙයි කියලා, ඉන්නෙම දේශපාලඥයෝ කියන ඒවා කරන්නම තමයි.මිනිස්සු ලෝකයේ එක එක වචන හදා ගන්නවා.සමහරු කියනවා ස්වාධීනයි කියලා.කොන්ද පණ නැති මිනිස්සු තමයි ස්වාධීනයි කියන්නේ. ස්වාධීන කියලා එකක් ලෝකයේ නෑ. උප්පත්තියෙන්ම පාටකට, ජාතියකට, ගෝත්‍රයකට කුමන හෝ දේකට අයිති වෙනවා. ස්වාධීනයි කියන වචනය දාගන්නේම බංකොළොත් නිසයි යැයි ද පවසා සිටියේය.

The post “රජයේ සේවකයෝ ඉන්නේ අපි වාගේ දේශපාලඥයින්ට ගැතිකම් කරන්නයි”-වජිර appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico