රංගන හේරත් පළමු ටෙස්ට් තරගයෙන් පසුව විශ්‍රාම ගනියි

රංගන හේරත් පළමු ටෙස්ට් තරගයෙන් පසුව විශ්‍රාම ගනියි

ශ්‍රී ලංකා ක්‍රිකට් ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරන දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් එංගලන්තය හා ගාලු පිටියේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව ජාත්‍යන්තර පිටියෙන් සමු ගැනීමට නියමිතය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් දවාගත් ක්‍රීඩකයන් අතර දෙවැනි ස්ථානයේ පසුවන අතර ඔහු කඩුලු 430ක් දවගෙන තිබේ. වමත් දඟ පන්දු යවන්නෙක් ලෙස ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් ක්‍රීඩකයා වන්නේද හේරත්ය.

හේරත් අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට නායකත්වය ලබාදී ඇත.





Source From sports AM
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico