යෝෂිතගේ CSN බලපත්‍රය අහෝසියි..!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාගේ කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක් (CSN) රුපවාහිනී නාලිකාවේ විකාශන බලපත්‍රය අහෝසි කල බව ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් පවසයි.

රජය සමග ගිවිසගත් කොන්දේසි උල්ලංඝනය කිරිම හේතුවෙන් එම තීරණය ගෙන ඇත. 2011.03.03 වැනිදා සී එස් එන් නාලිකාවට බලපත්‍ර හිමි වූ අතර එහි බලපත්‍රය අවලංගු කළ බවට ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ලිඛිතව සී එස් එන් නාලිකාවේ අධ්‍යක්ෂක රෝහන් වැලිවිට මහතාට දැනුම් දී තිබේ.

CSN රූපවාහිනී නාලිකාව පවත්වාගෙන ගිය භූමිය ද මිට ඉහතදී නාගරික සංවර්ධන අධිකාරිය විසින් පවරාගනු ලැබිය.

The post යෝෂිතගේ CSN බලපත්‍රය අහෝසියි..! appeared first on ColomboXnews.

Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico