“යු..ඇන්.පි එවුං එක්ක අපි වැලලෙන්න සුදානම් නෑ”-ඇමැතිකමින් එළියට ආ බල්ටි දයාගේ ගෝරනාඩුව(වීඩියෝ)

ජාතික ආණ්‌ඩුව තවදුරටත් පවත්වාගෙන යනවාද? නැද්ද? යන තීරණය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මීළඟ මධ්‍යම කාරක සභාවේදී තීරණය කරන බව හිටපු ඇමැති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්‌. බී. දිසානායක මහතා පැවසීය. එම මධ්‍යම කාරක සභා රැස්‌වීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය විදේශ සංචාරය නිමකර පැමිණි පසු ගනු ලබන බවත් ඒ මහතා සඳහන් කළේය.එහිදී අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ “පක්ෂයේ, සන්ධානයේ මහලේකම්වරුන්ගේ යම් යම් දේ ගැන අප කිසිසේත් එකඟ නෑ. ඒවා අපි කතා කරන්නේ මධ්‍යම කාරකසභාවේදී. ඒ නිසා අපි ඒ අයට විරුද්ධව කතා කරන්නේ නෑ. බේරගන්න තියෙන ගනුදෙනු සියල්ල එතැනදී බේරගන්නවා.ශ්‍රී ලනිපයේ අපි එකට යා යුතුයි. එතැන එජාපයේ එක කකුලක් තියන් ඉන්න අයට ඉන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. ඉන්නත් බෑ. මේ විදියට ගියොත් අපිත් එක්ක හිටිය ලක්ෂ 13ත් ලක්ෂ දෙක තුනට බහියි. එදා කිව්වා වගේ යූ.එන්.පී.යත් එක්ක වැළලෙන්න සූදානමක් නැහැ.මේ විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දීමත් යූ.එන්.පී. එකට ද්‍රෝහි වීමක්, රනිල් වික්‍රමසිංහ මහත්තයට පක්ෂව ඡන්දය නොදීමත් යූඑන්පීයට ද්‍රෝහිවීමක්. අපි පමණක් ද්‍රෝහියො වෙලා තවත් පිරිසක් එහෙම නොවීමට යම් කිසි එකමුතුවක්, බැඳීමක් ඒ අය තුළ යූඇන්පීය හා තිබිය යුතුමයි.ඒකයි අපි කියන්නේ, ඒගොල්ලන්ට ආණ්ඩු කරන්න ඉඩදීලා එළියට ගියහම ඇත්ත වශයෙන්ම ඩීල් ගහපු කට්ටිය එළිවෙයි. එහෙම නොකරපු අය ශ්‍රීලනිප මතයත් එක්ක එළියට එයි.මේ ඡන්දය නොදුන් 26න් අතිමහත් බහුතරයක් ශ්‍රී ලනිප අපිත් එක්ක ඉන්න තීන්දුවේ ඉන්න අය. ඔවුන්ගෙත් අතේ ඇඟිලි ප්‍රමාණයක පිරිසක් තමයි, විවිධ ප්‍රශ්න මත එජාපය හා යම් බැඳියාවක් තියෙන්නේ. ඒ නිසා අපි කියන්නෙ කරුණාකර ඇතුළෙ ඉඳගන්න. එළියෙ ඉඳන් ශ්‍රී ලංකා, ශ්‍රී ලංකා කිය කිය යූඇන්පීයට අපිව විකුණන්න හදන්න එපා. අපි ඒකට සූදානම් නෑ.ඒ නිසා ඇත්තටම යූඇන්පීයට වැඩ කරන්නෙ කවුද, ඇත්ත ශ්‍රී ලංකාකාරයො කියන්නෙ කවුද කියලා තව ටික දවසකින් බලාගන්න පුළුවන්” යන්නයි.

The post “යු..ඇන්.පි එවුං එක්ක අපි වැලලෙන්න සුදානම් නෑ”-ඇමැතිකමින් එළියට ආ බල්ටි දයාගේ ගෝරනාඩුව(වීඩියෝ) appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico