යුධ හමුදාපති ශවේන්ද්‍රට එරෙහි පළමු වෙඩිමුරය ඇමරිකාවෙන්

ශ්‍රී ලංකාවේ නව යුද හමුදාපති ලෙස ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කිරීම සම්බන්ධව එක්සත් ජනපදය දැඩි සැලකිල්ලෙන් පසුවන බව කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ වෙනත් සංවිධාන විසින් ලේඛනගත කර ඇති ඔහුට එරෙහි මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා බරපතළ හා විශ්වාසනීය වන බවද එක්සත් ජනපද තානාපති කාර්යාලය කියයි.

විශේෂයෙන්ම සංහිඳයාව හා සමාජ සමගිය සඳහා වන අවශ්‍යතාවය අතිශයින් වැදගත් වන අවස්ථාවක, මෙම පත්වීම ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කීර්තිනාමය සහ යුක්තිය සහ වගකීම ප්‍රවර්ධනය කිරීම සඳහා වූ කැපවීම් හැල්ලුවට ලක්කිරීමක් බවද තානාපති කාර්යාලය කියයි.

The post යුධ හමුදාපති ශවේන්ද්‍රට එරෙහි පළමු වෙඩිමුරය ඇමරිකාවෙන් appeared first on Colombo Today.





Source From colombotoday
Author: Lt editor
#SriLanka #News #lka

Powered by WPeMatico