යුද හමුදා බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් අමල් කරුණාරත්න නැවතත් රිමාන්ඩ්

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගෙන ගොස් පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර සිටි හිටපු යුද හමුදා බුද්ධි ප‍්‍රධානි මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතා මෙම මස 30 වැනි දින දක්වා තවදුරටත් රිමාන්ඞ් බාරයට පත්කරන ලෙසට ගල්කිස්ස අතිරේක මහේස්ත‍්‍රාත් ලෝචනා අබේවික‍්‍රම මහත්මිය අද (16) නියෝග කළාය.

කීත් නොයාර් මහතා ඉකුත් 2009 වසරේ මැයි මස 22 දින පැහැරගෙන ගොස් පහරදී වදහිංසා පැමිණ වීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් අපේ‍්‍රල් මස 6 වැනි දින යුද හමුදා රෝහලේ දී මේජර් ජනරාල් අමල් කරුණසේකර මහතා අත්අඩංගුවට ගෙන තිබුණි.

The post යුද හමුදා බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් අමල් කරුණාරත්න නැවතත් රිමාන්ඩ් appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico