යාපනයේ පුද්ගලයින් 23 අත්අඩංගුවට – රැඳවුම් නියෝග මත ප්‍රශ්න කෙරේ

පසුගිය දින කිහිපයේදී යාපනයේ සිදු වූ විවිධ ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවලට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයින් 23 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, යාපනයේ පොලිස් ස්ථාන කිහිපයක් මගින්. තියුණු ආයුධවලින් කපා තුවාල සිදු කිරීම, පහරදී තුවාල සිදු කිරීම හා ප‍්‍රචණ්ඩ ලෙස හැසිරීම යන චෝදනා යටතේ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.එම සැකකරුවන්ගෙන් හය දෙනෙකු යාපනය දිසා විනිසුරුවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. සෙසු සැකකරුවන් රැඳවුම් නියෝග මත තබාගෙන ප‍්‍රශ්න කිරීම් සිදු කරන බවයි වාර්තා වේ.

The post යාපනයේ පුද්ගලයින් 23 අත්අඩංගුවට – රැඳවුම් නියෝග මත ප්‍රශ්න කෙරේ appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico