යහපාලන ආණ්ඩුව පෙරපාසල් යා යුතුයි – සරත් විජේසූරිය

මෙවර පළාත් පාළන මැතිවරණයෙන් ආණ්ඩුව ලැබූ පරාජය ජනවාරි 08 වනදා ලැබූ ජනවරමට  පිටුපෑමට එරෙහිව ජනතාව ලබාදුන් වැදගත් සංඥාවක් බව  සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය පැවසීය.

පළාත් පාලන මැතිවරණය පරාජය වීම හේතුවෙන්  වත්මන් ආණ්ඩුව පෙරපාසලේ සිට ජනවරමට ගරු කිරීම පිළිබඳ ඉගෙන ගෙනගත යුතු බවද ඔහු කියා සිටියේය.

2015 ජනවාරි 08 වනදා ලැබූ ජනවරම වෙනුවෙන් පෙනී සිටි ජනතාවගේ විශ්වාසය දිනාගැනීමට තවදුරටත් මේ ආන්ඩුවට ඉඩක් පවතින බවද ඒ මහතා සදහන් කලේය.

දූෂනය පිටුදැකීම, අපරාධකරුවන්ට දඩුවම් දීම, ජීවන වියදම අඩු කිරීම, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුලු ලබාදුන් පොරොන්දු කඩ කිරීම ආන්ඩුවේ මෙම පරාජයට හේතු වී ඇති බවද මහාචාර්ය සරත් විජේසූරිය මහතා වැඩිදුරටත් කීය.

The post යහපාලන ආණ්ඩුව පෙරපාසල් යා යුතුයි – සරත් විජේසූරිය appeared first on Colombo Today.





Source From colombotoday
Author: Admin
#SriLanka #News #lka

Powered by WPeMatico