යහපාලන ආණ්ඩුවේ ඉදිරිගමන වැටඋඩ – තීරණයක් ගැනීමට කමිටුවක් නම්කරයි.

පළාත් පාලන මැතිවරණයෙන් පසුව ඇතිව තිබෙන දේශපාලන කැළඹීම අද සවස එහි උච්චතම අවස්ථාවට එළඹ තිබිණ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් ඇමතිවරුන් අතර පැවැති රැස්වීම අවසන් වූයේ වත්මන් ආණ්ඩුවේ ඉදිරි ගමන පිළිබඳ තීරණයක් ගැනීම සම්බන්ධයෙන් කමිටුවක් පත්කිරීමට එකඟ වීමෙනි.

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය අනුව තමන්ගේ ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට එක්සත් ජාතික පක්ෂය මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයද බලවත් පරිශ්‍රමයක යෙදී සිටිති.

මේ අතර ශ්‍රී ලංකාවේ මීළඟ රජය කවරාකාර විය යුතුද යන්න පිළිබඳව විදේශීය තානාපතාවරුන්ද බලවත් උනන්දුවකින් සිටින බවත් දැනගන්නට ඇත. ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරයා සහ ඉන්දීය තානාපතිවරයා අද දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කර තිබේ.

‘‘ මහජනතාවගේ කැමැත්තකින් තොරව මම අගමැති කම් භාර ගන්නේ නෑ ඊට වඩා සුදුසුයි ගෙදරට වෙලා පැදුරක් එළා ගෙන බුදිය ගන්න එක. ජනාධිපතිවරයා කළ යුතුව ඇත්තේ අවුරුදු දෙකක් කල් ගන්නේ නැතිව ජනතා කැමැත්තට ඉඩ දී මැතිවරණ පවත්වා ජනතාව කැමති දේශපාලන පක්ෂයකට රට පාලනය කිරීම සඳහා ඉඩ දියු යුතු එකයි.”

“අපි අපෙන් ගිය කිසිවෙකු සමඟ හෝ එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධාන ගත වී ආණ්ඩුවක් පිහිටු වීමට අදහස් නොකරන බවත් පොදුජන පෙරමුණට ඡන්දය දීපු ජනතාව එය අනුමත නොකරන බවත් අපි විශ්වාස කරනවා.”  යයි හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අද සවස හම්බන්තොටදී පැවසීය.

එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුවක්  පිහිටවීම සඳහා මේ වන විට උත්සහයක නිරතව සිටින බව ඇමති මනෝ ගනේෂන් මහතා පැවසීය.

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂනායක වරුන් අද (13) පස්වරු 6.30ට අරලියගහ මන්දිරයට කැඳවන ලද අතර එහිදී ඒ සම්බන්ධයෙන් අගමැතිවරයා සමඟ එක්ව තීන්දු තීරණ ගන්නා බවද මනෝ ගනේෂන්ඇ මතිවරයා පැවසීය.

මේ අතර අද දහවල් සිට මේ දක්වා එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් අරලිය ගහ මන්දිරයේ අගමැතිවරයා සමඟ සාකච්ඡා වල නිරතව සිටියහ.

The post යහපාලන ආණ්ඩුවේ ඉදිරිගමන වැටඋඩ – තීරණයක් ගැනීමට කමිටුවක් නම්කරයි. appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico