යහපාලනය ආබාධිත රණවිරුවන් රවටනවා – ආබාධිත රණවිරුවන් #SriLanka #LKA

යහපාලනය ආබාධිත රණවිරුවන් රවටනවා - ආබාධිත රණවිරුවන්
මෙම ගැටලුව සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් සන්දේශයක් භාරදීම සඳහා ආබාධිත සෙබලුන් අද (31) පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණීමට උත්සා කළ අතර ඔවුන් මේ වනවිට ලෝටස් වටරවුමේ පාර අවහිර කරමින් රැඳී සිටී. පොලීසිය ඔවුන්ගේ මාර්ගය අවහිර කරමින් ලෝටස් වටරවුමෙන් මාර්ගය වසා දමා තිබේ.
 
ආබාධිත රණවිරුවන් පවසන්නේ මීට පෙර ද මෙවැනි පාගමනකින් තමන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යාමට උත්සාහ දැරූ අවස්ථාවේ තම වැටුප් ගැටලු විසඳීමට ජනාධිපතිවරයා පොරොන්දු වූ නමුත් තවමත් ගැටලුව ඇත්තේ තිබුණු තැනම බවයි.
 
මෙවර තමන් පැමිණියේ ස්ථිර විසඳුමක් බලාපොරොත්තුවෙන් බවත් ජනාධිපති ලේකම්වරයා පැමිණ නිශ්චිත විසඳුම් ඉදිරිපත් කරන තුරු ආබාධිත රණවිරුවන් ඉවත් නොවන බවත් ඔවුන්ගේ නියෝජිතයෙකු මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
 
රොෂාන් චතුරංග
 
disable army 1
disable army 2
disable army 3

Source From lankanewsweb
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico