යලි කඩුව අතට ගත ජනපති හාහා පුරා කියා ජාතිය ඇමතීමට සුදානම් වේ

පළාත් පාලන මැතිවණයේදී ලද පරාජයෙන් පසු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මුල් වරට ජාතික ඇමතීමට සූදානම් වෙයි.
ඒ අනුව ජනාධිපතිවරයා විසින් අනිද්දා එනම් සිකුරාදා දිනයේ විශේෂ ප‍්‍රකාශයක් කරනු ඇතැයි ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා සදහන් කරයි.
වත්මන් ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ගයන් සම්බන්දයෙන් ජනාධිපතිවරයා එහිදී අදහස් පල කරනු ඇතැයිද ඇමතිවරයා කීය.
මැතිවරණ පරාජයෙන් පසු මේ දක්වා ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා විසින් කිසිදු නිල ප‍්‍රකාශයක් කර නොතිබීම සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය පවා අවධානය ලක් කර තිබින.
පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුවේ පාර්ශවයන් ලද දැඩි පරාජයත් සමග දේශපාලන තත්වය දැඩි ලෙස ව්‍යාකූල වී ගොස් ඇත.
ජනාධිපතිවරයා විසින් අවසන් වරට ප‍්‍රසිද්දියේ මාධ්‍ය හමුවට පැමිණියේ පෙබරවාරි 10 වැනිදා ඡන්දය ප‍්‍රකාශ කිරීමේ අවස්ථාවේදීය.

The post යලි කඩුව අතට ගත ජනපති හාහා පුරා කියා ජාතිය ඇමතීමට සුදානම් වේ appeared first on Medaperadiga.





Source From medaperadiga
Author: Udeshi
#SriLanka #News #lka

Powered by WPeMatico