යල්පැනගිය නීතියෙන් ආඩියාගල මානකැටේ පේර ගොවීන් අසරණ වෙයි.

වසර 6ක් තිස්සේ අති සාර්ථක පේර වගාවක් කළ ගොවීන් පිරිසක් අසරණවීමේ පුවතක් අපට අනුරාධපුර තලාගල ප්‍රදේශයෙන් වාර්තා වෙයි. ඒ කුඹුරු වගා බිම්වල පේර වගා කිරීම පිළිබඳ අඩියාගල ගොවිජන සේවා මධ්‍යස්ථානය නීතිමය පියවර ගැනීම හේතුවෙන්ය. කුඹුරු ඉඩම් කෙටිකාලීන බෝග හැර වෙනත් දිගුකාලීන වගාවන් සදහා යොදාගැනීම නීතියට පැටහැනි බව ආඩියාගල ගොවිජන සේවා මධ්‍යස්ථානය ඔවුන්ට දැනුම්දී ඇත.

තලාගල මානකැටේ ගම්මුන්ගේ ප්‍රධාන ජීවනෝපාය පලතුරු වගාවයි. ඉන් බහුතරය පේර වගාවට යොමුවන්නේ මීට වසර 6ක කාලයක සිටයි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ආදර්ශවත් ගම්මානයක් ලෙසද තලාගල මානකැටේ රටට ප්‍රසිද්ධ කළත් මේ වන විට මානකැටේ ගොවීන් නීතිය හමුවේ අසරණ වී ඇති බව වාර්තා වෙයි. ඒ, ආඩියාගල ගොවිජන සේවා මධ්‍යස්ථානය වහාම ක්‍රියාත්මක වන පරිදි පේර වගාවෙන් බැහැර වන ලෙසට කරන ලද දැනුම්දීමත් සමඟයි.

කුඹුරු ඉඩම් පේර වගාවට යොදාගැනීම නීති විරෝධී බැවින් ගොවීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව අදාළ දැනුම්දීමේ වැඩිදුරටත් සඳහන්ය. කෙසේ වෙතත්, නිරන්තරයෙන් මේ ගම්මානයට පැමිණෙන කෘෂි උපදේශකවරුන් පේර ගොවීන් දිරිමත් කළේ, වගාව සාර්ථක කරගැනීම සඳහායි.

 

The post යල්පැනගිය නීතියෙන් ආඩියාගල මානකැටේ පේර ගොවීන් අසරණ වෙයි. appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico