මොරගහකන්ද ජලාශයේ විදුලි බලාගාරයේ පරීක්ෂණ කටයුතු අඩපණයි

මොරගහකන්ද ජලාශයේ විදුලි බලාගාරයේ පරීක්ෂණ කටයුතු අඩපණයි

මොරගහකන්ද ජලාශයට අයත් ජල විදුලි බලාගාරයේ ඉදිකිරීම් අවසන් වූවත් ප්‍රමාණවත් ජලය නොමැතිකමින් එහි පරීක්ෂණ කටයුතු සිදු කළ නොහැකි තත්ත්වයක් මතුව ඇතැයි මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ ඉංජිනේරුවරුන් පවසති.

ඔවුන් පෙන්වා දෙන්නේ මේ වනවිට ජලාශයේ ඉදිකිරීම් සියයට 99ක් පමණ අවසන් කර ඇති බවයි.

2007 වර්ෂයේ ඉදිකිරීම් ආරම්භ කළ මොරගහකන්ද ජලාශයේ ජලය පිරවීම සිදු කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

ප්‍රධාන වේල්ල ඉදි කිරීම් අවසන් වූ වහාම එහි ජලය පිරවීම සිදු කෙරුණු අතර මේ වන විට ජලාශය ඉදි කිරීමේ ප්‍රධාන අරමුණක් වන විදුලි බලාගාරයේ කටයුතු අවසමන් කර ඇත.





Source From local-news AM
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico