මේ ව්‍යසනයට එජාපයත් වගකියන්න ඕන – නීතිඥ උපුල් කුමාරප්පෙරුම

ජාතික සම්පත්, ජාතික ධනය වංචාකළ අය නීතිය හමුවට ගෙන ඒමට  ජාතික ආණ්ඩුවට අධිෂ්ඨානයක් නොතිබූ බව ජනාධිපති  නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා අවධාරණය කළේය.  ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (06) විහාරමහා දේවී එළිමහන් රංග පීඨයේ පැවති “යුක්තියේ හඬ” ජනතා වේදිකාවේ අදහස් දක්වමිනි.
මේ රටේ ජනතාව එදා ජනවරමක් ලබා දුන්නේ ජනාධිපතිවරයාට හෝ ජාතික ආණ්ඩුවක් නිර්මාණය කළ එක්සත් ජාතික පක්ෂයට දේශපාලන ගේම් එකක් ගැසීමට නොවන බව ඔහු කියා සිටියේය. එහෙත් මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරණ වේදිකාවේ සිට දුන් පොරොන්දුව බලයට පත්වී සති දෙකකින් කැඩූ අතර එතැන්  පටන් ඔහු ක්‍රියාකළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය තහවුරු කරගැනීමට බව උපුල් කුමාරප්පෙරුම මහතා පැවසීය.
ශ්‍රීලනිපයේ බලය තහවුරු කරගැනීම සඳහා 2015 ජනවාරි 08ට පෙර සිටි පාලකයන්ට එරෙහි නඩු කටයුතු, විමර්ශන ආදිය ප්‍රමාද කිරීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මැදිහත් වූ බවයි ඔහු සඳහන් කළේ.

කෙසේවෙතත් මේ වන විට මෙරට අධිකරණයට ආචාර කළ යුතු බව  ඔහු පැවසීය. දේශපාලකයන්ට අනුව නොව නීති පොතට අනුව දැන් අධිකරණය තීන්දු දෙමින් සිටින බවයි කුමාරප්පෙරුම මහතා  පෙන්වාදුන්නේ. අධිකරණය පවා මෙම තත්ත්වයට පත්කළේ ලක්ෂ 62ක ජනවරම බව  ඔහු සඳහන් කළේය.
ආශිකා බ්‍රාහ්මණ  (LNW)

The post මේ ව්‍යසනයට එජාපයත් වගකියන්න ඕන – නීතිඥ උපුල් කුමාරප්පෙරුම appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico