මේ වසරේ ක්‍රියාවට නැංවූ ව්‍යපෘතිවලින් 444ක ප්‍රගතිය මන්දගාමීයි… මංගලගේ වාර්තාවකින් හෙළිවේ

මේ වසරේ ක්‍රියාවට නැංවූ විවිධ ව්‍යාපෘති 1354ක් අතරින් ව්‍යාපෘති 444ක් අත්කරගෙන ඇත්තේ 25%ක පමණ මන්දගාමී ප්‍රගතියක් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පෙරේදා (08දා) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද 2018 පළමු කාර්තුවේ ඉලක්කයන් පිළිබඳ වාර්තාවකින් අනාවරණය වී තිබේ.

ඊට අනුව ව්‍යාපෘති 561ක් 75%ක ප්‍රගතියක් ලබාගෙන ඇත. එමෙන්ම 2018 මූල්‍ය වර්ෂය පළමු කාර්තුව තුළ රුපියල් බිලියන 403ක් වියදම් දරා ඇති බවත් එය අපේක්‍ෂිත ප්‍රමාණයෙන් 91%ක් බවද හෙළි වී තිබේ.

එම මුල් කාර්තුව තුළ රුපියල් බිලියන 469ක ආදායමක් ලබා ඇති අතර ඉන් බිලියන 425ක් බදු මඟින්ද, බිලියන 44ක් බදු නොවන මූලාශ්‍ර මඟින්ද ලැබී තිබේ. එය එම කාර්තුවේ අපේක්‍ෂිත ආදායමෙන් 90.2%ක ප්‍රතිශතයකි.

The post මේ වසරේ ක්‍රියාවට නැංවූ ව්‍යපෘතිවලින් 444ක ප්‍රගතිය මන්දගාමීයි… මංගලගේ වාර්තාවකින් හෙළිවේ appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico