“මේවා බොළඳ වැඩ… ආණ්ඩුවම අපහසුතාවෙට පත්වෙනවා… මිනිස්සු හිනාවෙනවා…” – සිරිසේන

පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතාගේ වත්තේ වෙඩි නොවදින වාහන සගවා ඇතැයි පොලීසිය විසින් එම වත්ත වටලා සෝදිසි බොළද ක‍්‍රියාවක් යයි ජනාධිපති මෛත‍්‍රීපාල සිිරිසේන උපුටා දක්වමින් ලංකාදීප පුවත්පත වාර්තා කර ඇත.
කවුරු කුමක් කීවත් මේවා බොලද වැඩ බවත් මෙවන් වැඩ නිසා මුළු ආණ්ඩුවම අපහසුතාවට පත්වන බවත් ජනාධිපතිවරයා පවසා ඇත.
එසේ වාහන සගවා ඇත්තේ නම් මේ ආකාරයේ බොළද වැඩ නොකර ඒවා සොයාගන්නා ක‍්‍රම ඕනෑ තරම් ඇතැයිද කී ජනාධිපතිවරයා මේ සදහා ඕනෑ තරමි උපකරණ භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ ඇතැයිද පවසයි.
මෙම වැටලීම කලේ CIDද FCIDද කියා තමා නොදන්නේ වුවත් කවුරු කළත් ඉන් පොලීසිය මඩ ගාගත් බවද කියා සිටී. අන්තිමේදී වන්නේ මේ ආකාරයේ වැඩවලට ජනතාව සිනාසීම පමණක් යයිද ජනාධිපතිවරයා වැඩි දුරටත් පෙන්වා දෙයි.

The post “මේවා බොළඳ වැඩ… ආණ්ඩුවම අපහසුතාවෙට පත්වෙනවා… මිනිස්සු හිනාවෙනවා…” – සිරිසේන appeared first on Medaperadiga.

Source From medaperadiga
Author: Maxa
#SriLanka #News #lka

Powered by WPeMatico