මුස්ලිම් නිසා ක්‍රීඩාලෝලීන්ගෙන් ගල් මුල්… ලෝක කුසලානය දිනා දුන් ක්‍රීඩකයා පාපන්දු පිලට සමු දෙයි

පාපන්දු ලෝක කුසලානය 2014 වසරේදී ජර්මනියට දිනා දීමට විශාල දායකත්වයක් ලබා දුන් පාපන්දු ක්‍රීඩක මෙසූට් ඔසිල් ජර්මන් පාපන්දු කණ්ඩායමෙන් සිය සමු ගැනීම ප්‍රකාශ කර තිබෙනවා.

එයට හේතුව වී තිබෙන්නේ ජාතීකවාදී ජර්මානු ජනතාවගෙන් සහ මාධ්‍යයන්ගෙන් ඔහුට එල්ල වන පීඩනයයි.

මෙසුට් ඔසිල් තුර්කී සම්භවයක් සහිත මුස්ලිම් ක්‍රීඩකයකි. 2018 ලෝක කුසලාන පරාජයෙන් පසු ජර්මානු මාධ්‍යය ඔහුව හැඳින්වූයේ “අපේ ජාතියේ නොවන සංක්‍රමණික ඔසිල්” ලෙසය. ජර්මන් ජාතික කණ්ඩායමේ කාර්ය මණ්ඩලයේ පිරිසක් පවා ඔසිල්ගේ සම්භවය විවේචනය කිරීම ඔහුගේ මෙම තීරණයට හේතු වී තිබේ.

ජර්මානු කණ්ඩායමේ තරග නැරඹීමට පැමිණෙන රසිකයන් තරගය අතරතුරේදී පවා ජාතිවාදී ප්‍රකාශ සිදු කරමින් මෙසුට් ඔසිල්ට අපහාස කිරීම පසුගිය දිනවලදී දක්නට ලැබුනේය. මේ වනවිට වසර පහක් ජර්මනියේ හොදම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනූ ඔසිල් 2014 ලෝක කුසලානයේ වීරයා ලෙසින් විචාරකයන් විසින් හඳුන්වයි.

The post මුස්ලිම් නිසා ක්‍රීඩාලෝලීන්ගෙන් ගල් මුල්… ලෝක කුසලානය දිනා දුන් ක්‍රීඩකයා පාපන්දු පිලට සමු දෙයි appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico