මුන්නේස්වරම් කෝවිලට ගිය ශෂී විරවංශ රිය අනතුරකට ලක්වෙයි.

හිටපු ඇමති විමල් වීරවංශගේ බිරිද වන ශෂී වීරවංශ ගමන්ගත් රථය ඊයේ(15) සවස නාත්තන්ඩිය – දන්කොටුව මාර්ගයේ මාවතගම ප්‍රදේශයේදී රිය අනතුරකට ලක්වී ඇතිබව වාර්තාවේ. ශෂී වීරවංශ ගමන්ගත් රථය තවත් වාහනක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව කොස්වත්ත පොලීසිය පවසයි. මෙම සිදුවීමෙන් කිසිවෙකුට අනතුරක් සිදුවී නොමැති අතර වාහන වලට සිදුවු අලාභය ගෙවීමට එකගතාවයකට දෙපාර්ශ්‍යවය පැමිණ තිබේ.

ශෂී වීරවංශ ඇයගේ ඥාති ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු සමග හලාවත මුන්නේෂ්වරම් කෝවිලට භාරයක් වීමට ගොස් එන අතරතුර මෙම රිය අනතුරට ලක්වී ඇති බව වාර්තාවේ. සිංහල ජාතිය හා බෞද්ධාගම සම්බන්දයෙන් නිතර පාරම්බාන විමල් වීරවංශ හින්දු කෝවිල් වලට ගොස් දෙවියන්ට තම දුක්ගැනවිලි පැවසීම පුදුමයට කරුණක් බව මේ සම්බන්දයෙන් අදහස් දක්වන අය පවසයි. පසුගිය කාල වකවානුයේ විවිධ භාරහාර සදහා ශෂි වීරවංශ නිතර දේවාල වලට ගිය බවද වාර්තාවිය.

The post මුන්නේස්වරම් කෝවිලට ගිය ශෂී විරවංශ රිය අනතුරකට ලක්වෙයි. appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico