මීතොටමුල්ල කුණු කන්දෙන් ටී 56 ජීව උණ්ඩ 340ක් මතු වෙයි

මීතොටමුල්ල කුණු කන්දෙන්  ටී 56 ජීව උණ්ඩ 340ක් මතු වෙයි

මීතොටමුල්ල කුණු කන්ද පා මුල තිබි ටී 56 ජීව උණ්ඩ 340ක් හමු වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ යුධ හමුදා සංවර්ධන නිලධාරින් කණ්ඩායමකට මෙම උණ්ඩ තොගය හමු වී ඇති බවයි.

එම නිලධාරින් විසින් සිදු කළ දැනුම් දීමකට අනුව පොලිසිය විසින් මෙම උණ්ඩ තොගය සිය භාරයට ගත් බව වාර්තා වේ.

ඊට අමතරව උණ්ඩ හිස් කොපුද 12ක් පමන තිබි ඇති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පොලීසිය විසින් සිදු කරයි.





Source From local-news AM
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico