මීතොටමුල්ලේ මිය ගිය ගණන 27 දක්වා ඉහළයයි

මීතොටමුල්ල කුණුකන්ද පාමුල ඛේදවාචකයෙන් මිය ගිය ගණන 27 දක්වා ඉහළ ගොස් ඇතැයි යුද හමුදාව කියයි. ඊයේ(16) රාත්‍රීය වන විට මිය ගිය 26 දෙනකුගේ සිරුරු සොයා ගෙන ඇති අතර තවත් පුද්ගලයකුගේ කකුලක් පමණක් සොයාගෙන තිබේ. ඒ අනුව 27 දෙනකු මිය ගොස් ඇතැයි තහවුරු වී ඇති බව ආරක්ෂක අංශ කියයි.

මිය ගිය බවට තහවුරු වූ පිරිස අතර ළමයි හය දෙනෙක් ද සිටිති. තවත්  බොහෝ දෙනෙක් අතුරුදන්ව සිටිති. අතුරුදන් වූ සංඛ්‍යාව කොපමණදැයි වගකිව යුතු ආයතන කිසිවක් තවමත් නිශ්චිතව ප්‍රකාශ කර නැත.

යුද හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් සහ සහන සැලසීමේ කටයුතු තවදුරටත් සිදුකරති. විපතට පත් වූ ජනතාවට සහන සැලසීම සඳහා ත්‍රිවිද හමුදාව, පොලිස් නිලධාරීන් මෙන්ම කොළඹ දිසාපතිවරයා, කොළොන්නාව ප්‍රාදේශීය මහ ලේකම්වරයා, ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් හා ක්ෂේත්‍ර  නිලධාරීන් ඇතුළු රජයේ නිලධාරීන් ද යොදවා ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

The post මීතොටමුල්ලේ මිය ගිය ගණන 27 දක්වා ඉහළයයි appeared first on ColomboXnews.

Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico