මිලියන 30ක් නීති විරෝධීව උපයාගත් නාමල් රාජපක්ෂගේ නඩුත් ලෙඩ නිසා කල්යයි

රාජපක්ෂ පාලන සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් නීති විරෝධී ආකාරයට උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක්  ගවර්ස් කෝපරේට් නමැති සමාගමක ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට   එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුවේ   සාක්ෂි විභාගය  ජූලි මස 10  වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් අද (18) නියෝග කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන මෙම නඩුවේ සාක්ෂි විභාගය කල් තැබීමට විනිසුරුවරයා නියෝග කර ඇත්තේ  නඩුවේ විත්තිකාරියක වන සුජානි බෝගොල්ලාගම නැමැත්තියගේ  දරුවා ඩෙංගු රෝගය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලැබීම නිසා එම නඩු විභාගය  කල්තබන මෙන් ඇයගේ නීතිඥවරයා අධිකරණයෙන් සිදුකල ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින්ය.

2013 ඔක්තොම්බර් මස පළමුවැනිදාත් 2014 අගෝස්තු මස 31 වැනිදාත් අතර කාලය තුළ කොළඹදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතාට අයත් ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගම වෙනත් සමාගමක් සමඟ කළ ගණුදෙණුවකදී අයුතු ලෙස මුදල් උපයාගැනීමට කුමන්ත‍්‍රණය කිරීම, ඒ අනුව රුපියල් මිලියන 30ක මුදලක් උපයාගත් බවට මුදල් විශූද්ධීකරණ පණත යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා  එකොළහක්  යටතේ නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.

දුෂණ විරෝධී පෙරමුණේ  කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා විසින් මුල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශයට කරන ලද පැමිණිල්ලකට  අනුව කරන ලද විමර්ශනයකින් අනතතුරුව නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

එසේම මෙම නඩුවේ විත්තිකරුවකු ලෙස නම් කර සිටින ඉන්දික ප්‍රභාත් කරුණාජීව  මේ වන විට අධිකරණය මඟහැර සිටින අතර ඔහු නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමට ද අධිකරණය තීරණය කර තිබේ.

The post මිලියන 30ක් නීති විරෝධීව උපයාගත් නාමල් රාජපක්ෂගේ නඩුත් ලෙඩ නිසා කල්යයි appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico