මියගිය ඉන්දියානුවා වෙනුවට ලාංකික කතකගේ මළ සිරුරක් ඉන්දියාවට යවලා.

මියගිය ඉන්දියානු ජාතිකයෙකුගේ මළ සිරුරක් වෙනුවට ලාංකික කාන්තාවකගේ මළ සිරුරක් ඉන්දියාවට යවා ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අදාළ ලාංකික කාන්තාවගේ මළ සිරුර සෞදි අරාබියේ සිට ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙහි කෝචි වෙත ඒවා ඇති අතර එතැන් සිට කිලෝ මීටර 90ක් දුරින් පිහිටා ඇති රාෆික් නැමැති ඉන්දියානු මරණකරුගේ නිවැසියන් වෙත යවා ඇති බව ඉන්දියානු මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

පසුව නිවැසියන් විසින් මෘත ශරීරය විවෘත කර බැලීමේදී ශරීරය මියගිය පුද්ගලයාගේ නොවන බව හඳුනාගෙන ඇති අතර පසුව පොලීසියට මේ බව දැනුම් දී ඇත.

මේ වන විට අදාළ ලාංකික කාන්තාවකගේ මළ සිරුර ඉන්දියාවේ කොට්ටායම් වෛද්‍ය විද්‍යාලීය මෘත ශරීරාගාරය වෙත යවා ඇති අතර සිරුර නැවත සෞදි අරාබිය වෙත යැවීම සඳහා කටයුතු සූදානම් කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියි.

The post මියගිය ඉන්දියානුවා වෙනුවට ලාංකික කතකගේ මළ සිරුරක් ඉන්දියාවට යවලා. appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico