” මැද කොළබ ෆයිසර් බලකොටුවක් හදනවා.. මම ඔයාලා වෙනුවෙන් ඉන්නවා”- ෆයිසර් මුස්තාෆා

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා අද (13) දින කොළඹ පිටකොටුව පදික වෙළඳුන්ගේ ගැටලු සොයා බැලිමේ නීරීක්ෂන චාරිකාවක නිරත වුහ .එහිදි පදික වෙළඳුන් මුහුන පාන ගැටලු රාශියක් පිළිබඳව අමාත්‍යතුමා තම අවධානය යොමු කරන ලදි. මෙහිදි අදහස් දැක්වු අමාත්‍යතුමාන්
පදික වෙළඳුන්ගේ ගැටලු නිරාකරණය කිරීම සඳහා තමන් කවදත් පෙනී සිටි බවත් ඉදියේදී ද පදික වෙළඳුන් වෙනුවෙන් තමා පෙනී සිටින බවත්, මෙය එක්සත් ජාතික පක්ෂ බලකොටුවක් නොව මෙය ෆයිසර් මුස්තෆාගේ බලකොටුවක් බවත්
පදික වෙළඳුන් ඉවත් කිරීම හේ ඔවුන්ට එරෙහිව සිදුකෙරෙන ඕනෑම ගැටලුකාරී තත්වයකදී ඊට එරහිව මුලින්ම නැගී සිටින්නේ ඔහු බවද කියා සිටියේය.
එමෙන්ම පදික වෙළදුන්ගේ සුබ සාධන කටයුතු ඉහළ නැන්වීම ඔහුගේ අපේ අපේක්ෂාව බවද එමෙන්ම
විශේෂයෙන්ම නගර සභාව සහ පොලීසියෙන් පදික වෙළදුන් හට සිදුවෙන ගැටලු අවම කිරීමට තමන් මූලිකත්වය ගෙන කටයුතු කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.
ඉදිරියේදී කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නගර සභාවක් පිහිටුවීමට අපි කටයුතු කරන අතර ඒ සඳහා මැද කොළඹ ජනතාවගේ සහයොගය අපි අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

The post ” මැද කොළබ ෆයිසර් බලකොටුවක් හදනවා.. මම ඔයාලා වෙනුවෙන් ඉන්නවා”- ෆයිසර් මුස්තාෆා appeared first on Medaperadiga.





Source From medaperadiga
Author: Udeshi
#SriLanka #News #lka

Powered by WPeMatico