මැතිවරණ වේදිකාවේ එල්.ටී.ටී.ඊ. ගීත වාදනය වේ… යාපනය නොසන්සුන් !

යාපනයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැලියකදී එල්.ටී.ටී.ඊ ගීත කිහිපයක් වාදනය කිරීමේ සිදුවීමක් හේතුවෙන් යාපනය පුරා දැඩි නොසන්සුන්තාවයක් හටගෙන ඇති බව මාධ්‍ය වාර්තා පලවී තිබේ.

මෙම රැස්වීම සදහා පැමිණ සිටි තරුණයින්ගේ අත් වල තිබූ ජංගම දුරකතන වල ප්‍රභාකරන්ගේ ඡායාරූප තිබූ බවත් එල්.ටී.ටී.ඊ.සංවිධානයේ ගීත වාදනය වන අවස්ථාවේදී එම තරුණයින් ජංගම දුරකථන ඔසවමින් සිටි බවත් සිද්ධිය සියැසින් දුටුවෝ පවසා තිබේ.

මේ නිසා මෙය අත්වැරදීමක් නොව සිතාමතාම හා සැලසුම් සහගතව සිදු කරණ ලද්දක් බව යාපනයේ ජනතාව කියා සිටිතැයි එම මාධ්‍ය වාර්තා කියා සිටී.

The post මැතිවරණ වේදිකාවේ එල්.ටී.ටී.ඊ. ගීත වාදනය වේ… යාපනය නොසන්සුන් ! appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico