මැතිවරණ ප්‍රචාරණයට LTTE ගීත යොදා ගන්න එපා – කැෆේ #SriLanka #LKA

මැතිවරණ ප්‍රචාරණයට LTTE ගීත යොදා ගන්න එපා - කැෆේ

 

යාපනය, කිලිනොච්චි සහ මුලතිව් පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් කිහිප දෙනෙකුම එල්ටීටීඊ සංවිධානය විසින් ප්‍රචලිත කළ ගීත සිය මැතිවරණ ව්‍යාපාරය සඳහා යොදාගන්නා බව තමන් නිරීක්ෂණය කළ බවත් එල්ටීටීඊ විමුක්ති ගීත මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා යොදා ගැනීම මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් පමණක් නොව රටේ නීතිය ද උල්ලංඝනය කිරීමක් බවත් කැෆේ සංවිධානය පෙන්වා දෙයි.

යාපනය ඥානම් ශාලාවේ පැවති ඡන්ද විමසීමට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ රැස්වීමක් අමතමින් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් සියලුම අපේක්ෂකයින්ගෙන්, දේශපාලන පක්ෂ වලින් සහ ස්වාධීන කණ්ඩායම් වලින් ඉල්ලා සිටියේ මැතිවරණ නීතියටත් රටේ නීතියටත් ගරු කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කරන ලෙසය.





Source From lankanewsweb
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico