“මා වෙනුවෙන් අමෙරිකාවේ සිටින මාගේ නීතිඥයින් අදාළ නඩුවට පෙනී සිටිනවා” – ගෝඨාභය රාජපක්ෂ

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අහිම්සා වික්‍රමතුංග අමෙරිකානු අධිකරණයේ පවරා ඇති නඩුව විවෘත කිරීමට එරට අධිකරණය පියවර ගෙන ඇති බව ජනමාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව නැමැති ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානය පවසයි. මේ සම්බන්ධයෙන්  ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කළේ අමෙරිකාවේ සිටින තම නීතිඥයින් අදාළ නඩුව පෙනී සිටිමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට  ‌ගෝඨාභය රාජපක්ෂ වගකිව යුුුුතුව තිබෙන බව අමෙරිකානු අධිකරණයේ පවරා ඇති නඩුවේ ‌පරිච්ඡේද 79 ක් පුරා චෝදනා ඉදිරිපත් කර තිබේ.
ජනමාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව නැමැති ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානය අද සිය නිල වෙබ් අඩවිය හරහා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ මාධ්‍යෙව්දී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අමෙරිකානු අධිකරණයේ පවරා ඇති නඩුව විවෘත කිරීමට එරට අධිකරණය පියවර ගෙන ඇති බවයි.
කැලිෆෝනියා මධ්‍යම දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් අධිකරණයේ විනිසුරුවරයෙකු විසින් මෙම නඩුව විවෘත කර ඇති බව එම වෙබ් අඩවිය වැඩිදුරටත් සදහන් කරයි.

The post “මා වෙනුවෙන් අමෙරිකාවේ සිටින මාගේ නීතිඥයින් අදාළ නඩුවට පෙනී සිටිනවා” – ගෝඨාභය රාජපක්ෂ appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico