මාදුරුඔය ජලාශයේ මෙගා වොට් 100ක පාවෙන සූර්ය බලාගාරයක්

මාදුරුඔය ජලාශයේ ‍ පාවෙන මෙගා වොට් 100ක සූර්ය බලාගාරයක් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, ලංකා විදුලිබල මණ්ඩලය හා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය යන ආයතනවල ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී.

මෙම ව්‍යාපෘතිය සූර්ය පැනල සහ විදුලිය ගබඩා කළ හැකි විද්‍යුත් කෝෂ යොදා ගෙන සූර්ය බලශක්තිය ගබඩා කරන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා කැනඩා රජය විසින් කර ඇති යෝජනාව අනුව යෝජිත ව්‍යාපෘතිය සඳහා කැනේඩියන් සෝලර් ආයතනය සමඟ ඒකාබද්ධ හවුල් ව්‍යාපාරයක් ස්ථාපිත කිරීමටත්, ඒ පිළිබඳ සාකච්ඡා කටයුතු සිදු කිරීම සඳහා ඒකාබද්ධ ක්‍රියාකාරි කමිටුවක් පත් කිරීමටත් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා; සහ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

The post මාදුරුඔය ජලාශයේ මෙගා වොට් 100ක පාවෙන සූර්ය බලාගාරයක් appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.





Source From biz.adaderana
Author: Biz Editor
#SriLanka #News #lka

Powered by WPeMatico