“මහ කොටියාගේ බොඩි ගාර්ඩ් කෙනෙක්, හිරෙන් එළියට අරන් තියෙන්නේ මාකඳුරේ මදුෂ්”

පසුගිය දින කොළඹ ජම්පටා විදියේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මරණයට පත්විය. පාතාලය විසින් සිදු කළ මෙවැනි ඝාතන පසුගිය දිනවල රටම භීතියට පත් කිරීමට සමත් විය.මෙම ඝාතන රැල්ල සිදු කරනා පාතාලයේ මාරාන්තික ඝාතකයා පිළිබදව පොලීසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ. ඔහු සැගව සිටිනා වෙඩික්කරුවෙකි. ඔහු ක්‍රියා කරන්නේ පාතාලයේ ගොඩ් ෆාදර් ලෙසින් හඳුන්වන මාකඳුරේ මදුෂ් යටතේය.කෙනඩි ලෙසද, බුම්මා ලෙසද පාතාලයේ නම ප්‍රසිද්ධ ඔහුගේ උප්පැන්නයේ සඳහන් වන්නේ ‘ස්ටැන්ලි කෙනඩි ෆර්ඩිනැන්ස්’ ලෙසටය. ඔහු දැන් ක්‍රියා කරන්නේ පාතාලයේ ගෝඩ් ෆාදර් ලෙස නම් දිනාගෙන ඇති ‘මධූෂ් ලක්ෂිත’ නොහොත් ‘මාකඳුරේ මධූෂ්’ගේ යටතේය.මධූෂ්ගේ ප්‍රබලතම ගෝලයන් පසුගිය දිනවල පොලිස් අත්අඩංගුවට පත්වීමත් පොලිස් ප්‍රතිප්‍රහාරවලින් ඝාතනය වීමත් හේතුවෙන් මධූෂ්ගේ පාතාල ක්‍රියාකාරකම් කර ගැන්මට දක්ෂයකු ඔහු සොයමින් සිටියේය.මීට මාස දෙකකට පමණ ඉහතදීත් කෙනඩි සිටියේ වැලිකඩ බන්ධනාගාරය තුළය. කෙනඩි දක්ෂ වෙඩික්කරුවකු බව මධූෂ් දැනගෙන සිටියේය. ඒ නිසාම කෙනඩිව කුමන හෝ අයුරකින් බන්ධනාගාරයෙන් පිටතට ගැනීමට මධූෂ්ට අවශ්‍ය විය. නීතිඥවරුන්ට මුදල් වියදම් කරමින් මධූෂ් කෙනඩිව අධිකරණ ඇප මත බන්ධනාගාරය තුළින් පිටතට ගත්තේ එම නිසාය.කෙනඩිගේ උපන් ගම කොළඹ 13 ජම්පටාවීදියයි. ඔහු මුල් කාලයේ කොළඹ මාළු අලෙවි සැලෙහි සේවකයකු ලෙස කටයුතු කළේය. එකල ඔහුට කිලිනොච්චි ප්‍රදේශයේ ද්‍රවිඩ මිතුරකු හමු විය. එම මිතුදම වර්ධනය වූයේ කෙනඩි එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ කරවමිනි. එල්ටීටීඊ යුද පුහුණුවද ලබා ගත් කෙනඩි ‘චාල්ස් ඇන්තනී බළකායට එක්වද කටයුතු කළේය. එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් හට ආරක්ෂාව සැපයීම සඳහා බිහි කළ චාල්ස් ඇන්තනී බළකායේ ප්‍රබල සාමාජිකයකු බවට කෙනඩි පත් විය. වසර පහක පමණ කාලයක් කෙනඩි එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස කටයුතු කර තිබේ.2009දී ඊළාම් යුද්ධය අවසන් වනවාත් සමඟම යුද හමුදා භාරයට පත්වූ කෙනඩි පසුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ප්‍රශ්න කිරීම සඳහා රැගෙනවිත් තිබිණි. මාස 21ක් රැඳවුම් නියෝග මත එහිදී කෙනඩිගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට ත්‍රස්ත විමර්ශන නිලධාරීහු කටයුතු කර තිබුනි. පසුව ඔහුව පුනරුත්ථාපනය වීම සඳහා යොමු කෙරුණේ බූස්ස කඳවුර තුළය.එහිදී ඔහුට දකුණේ පාතාලය සමඟද සබඳතා ඇති විණි. දකුණේ පාතාල නායක කොස්ගොඩ සුජී සහ කෙනඩි අතර මිත්‍රත්වයක් ගොඩනැඟෙමින් එම සබඳතා වර්ධනය විය. ඉන්පසු කොස්ගොඩ සුජීගේ සියලු ප්‍රතිවාදීන් ඝාතනය කිරීමේ මෙහෙයුම භාරව තිබෙනුයේ කෙනඩිටය.2016 පෙබරවාරි මස 16 වැනි දින බළපිටිය අධිකරණය ඉදිරිපිටදී සිදුවූ ද්විත්ව ඝාතනයේ සැඟවුණු වෙඩික්කරු වූයේද කෙනඩි බව පොලීසිය අනාවරනය කර ගෙන තිබේ. සුජීගේ ප්‍රතිවාදියකු වූ පාතාල නායක පියරත්න සහ ඔහුගේ සගයකු එම වෙඩි පහරින් ඝාතනය විණි. සුජීගේ තවත් ප්‍රතිවාදියකු එම වසරේම අප්‍රේල් 11 වැනි දින කෙනඩි විසින් ඝාතනය කෙරුණේ උෟරගහ පොලිස් වසමේදීය.දකුණ භීතියට පත් මෙම සැඟවුණු වෙඩික්කරු 2016 වසරේ අප්‍රේල් මස 17 වැනි දින දකුණු පළාතේදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. කොන්ත්‍රාත් මුදලට මිනීමැරීම කෙනඩිගේ රැකියාව වී තිබේ. බළපිටිය අධිකරණය ඉදිරිපිට වූ ද්විත්ව ඝාතනය ඔහු විසින් සිදු කර තිබුණේ රුපියල් දස දහසක කොන්ත්‍රාත් මුදලකටය.දකුණ පාතාලය හෙල්ලූ මදුෂ් යටතේ ක්‍රියා කරනා පාතාල‍යේ මෙම සැඟවුණු වෙඩික්කරු මේ වන විට කොළඹ ප්‍රදේශය භීතියට පත් කරමින් කොළඹ සැඟවුණු වෙඩික්කරු ලෙස කටයුතු කරන්නේය. පොලිසියේ මීළඟ අභියෝගය වන්නේ මෙම මිනීමරු ඝාතකයා අත්අඩංගුවට ගෙන කොළඹ නැඟිටිමින් තිබෙන පුද්ගල ඝාතන රැල්ල අවම කිරීමය.

The post “මහ කොටියාගේ බොඩි ගාර්ඩ් කෙනෙක්, හිරෙන් එළියට අරන් තියෙන්නේ මාකඳුරේ මදුෂ්” appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico