‘මහින්ද හොරකම් කළා තමයි ඒත් හොඳයි’ – ගැටඹේ විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමි

”මහින්ද මහත්තයා සොරකම් කළා තමයි, ඒත් රට හැදුවා” යැයි පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාම විහාරස්‌ථානයේ විහාරාධිපති චන්ද්‍රකීර්ති ශ්‍රී අමරවංශ, සද්ධර්ම වාගීශ්වර පූජ්‍යපාද කැප්පෙටියාගොඩ සිරිවිමල හිමි සඳහන් කර ඇත. මේ ප්‍රකාශය උන්වහන්සේ සිදුකරනු ලබන්නේ රාජපක්ෂ පාලනයේ පැවති දුෂණ සාක්ෂි සහිතව ඔප්පු වෙමින් පවතින පසුබිමකය. උන්වහන්සේ මේ බව සඳහන් කර ඇත්තේ  තිස්ස අත්තනායක මහතා වෙනුවෙන් ඊයේ (21) ගැටඹේ පන්සලේ පැවති බෝධි පුජාවේදී අනුශාසනාව කරමින්ය.

වත්මන් ආණ්ඩුව රටත් නොහදා හොරකම් කරන බවද  උන්වහන්සේ සඳහන් කර ඇත. එසේම මෙම රජය රටේ සියලු දේපළ සම්පත් විකුණන බවට ද උන්වහන්සේ චෝදනා කර තිබේ.

ඒ අනුව උන්වහන්සේගේ ප්‍රකාශය රාජපක්ෂලාගේ සොරකම් දැක ඒ ගැන කිසිත් සඳහන් නොකර මේ ආණ්ඩුවට බොරුවට චෝදනා කරන ස්වරූපයක් ගෙන ඇත. වඩාත් සරලව කියනවා නම්, ” සද්ධර්ම වාගීශ්වර පූජ්‍යපාද කැප්පෙටියාගොඩ සිරිවිමල හිමි දන්නවා රාජපක්ෂලා අන්ත දුෂිත පාලනයක් ගෙන ගිය බව. රාජපක්ෂලා හොරකම් කළ බවට චෝදනා ඇතැයි කියමින් උන්වහන්සේ එය මඟහැර දමන අතර වත්මන් ආණ්ඩුව හොරකම් කරන බව සහ විකුණන බව සඳහන් කරයි. එහෙත් එසේ විකුණන්නේ මොනවද යන්න උන්වහන්සේ නොකියයි.”

මෙයින් පෙනෙන්නේ උන්වහන්සේ තමන් වරදක් කරන බව දැන දැන චේතනාන්විතව ඒ වරද සිදුකරන බවය. දැන දැන වැරදි කිරීම ගැන බෞද්ධ ඉගැන්වීම් සිහිපත් කිරීම අනවශ්‍ය වන්නේ නමේ හැටියට උන්වහන්සේ ධර්මය ගැන හොඳ දැනුමක් ඇති බව දක්නට ඇති නිසාය.
ඒ අනුව සම්බුද්ධ ධර්මය පවා විනාෂ කරගෙන මේ දෙසන්නේ වැදි බණ මිස බුදු බණ නොවේය. ඒ පසුපස ඇත්තේ රාජපක්ෂ පව් කන්දට කරගැසීමේ සංසාරගත උරුමයද යන්න දන්නේත් අප නොව උන්වහන්සේය.

සැබවින්ම මේ වැදි බණ වැඩි වැඩියෙන් ඇසෙන්නට ගෙන ඇත්තේ මත්තල ගුවන් තොටුපල ගැන ආණ්ඩුව තීන්දුවක් ගැනීමට නියමිතව තිබියදී ය. දරාගත නොහැකි ණය බර වෙනුවට ඒකාබද්ධ ව්‍යාපාරයක් බවට මත්තල පත්කර ගැනීමට එරෙහිවය. ජනතාව මත පතිතව තිබෙන ණය බර අවම කිරීමට දරන සෑම අවස්ථාවකම මෙවැනි වැදි බණ පසුගිය සාමය පුරා ඇසුණු අතර ඉදිරියේදීද ඇසීමට නියමිතව ඇත.

ඒ හමුවේ අපට කියන්නට ඇත්තේ  බුදු බණෙන් වැදිබණ වෙන්කර නොගතහොත් වරදින්නේ  ජනතාවට බවය.

The post ‘මහින්ද හොරකම් කළා තමයි ඒත් හොඳයි’ – ගැටඹේ විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමි appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico