මහින්ද පිල‍ෙ හිටපු නියෝජ්‍ය ඇමති සරත් කුමාර ගුණරත්නට මුදල් සාවද්‍ය පරිහරණයට චෝදනාපත්‍ර භාරදෙයි

පසුගිය ජනාධිපතිවරණය සමයේදී ධීවර වරාය නීතිගත සංස්ථාවේ අරමුදල්වලින් රුපියල් දස ලක්ෂ අනූ දහසක මුදලක් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා එල්ල වී සිටින රාජපක්ෂ පාලන සමයේ හිටපු ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ඇතුළු විත්තිකරුවන් හය දෙනකුට අද (12) කොළඹ මහාධිකරණය හමුවේ චෝදනා පත්‍ර භාර දෙන ලදී. මෙසේ චෝදනා පත්‍ර භාරදීම සිදු කෙරුණේ කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකොන් මහතා ඉදිරියේදීය. එහිදී එක් එක් විත්තිකරු රුපියල් 25000/-ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 ක් බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට අධිකරණය නියම කළේය.

අධිකරණය නියෝග කළේ නඩුව නැවත ජූලි මස 23 වනදා කැඳවීමටය.

2014 වසරේ දෙසැම්බර් මස 8 වනදා 2015 වසරේ ජනවාරි මස 7 වනදා දක්වා කාලසීමාව තුළ ධීවර වරාය නීතිගත සංස්ථාවට අයත් අරමුදල් වලින් රුපියල් දස ලක්ෂ අනූ දහසක මුදලක් වැයකොට රජයේ ටෙන්ඩර් පටිපාටියට පරිබාහිරව දින පොත් මුද්‍රණය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව හිටපු ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව පවරා තිබේ.

The post මහින්ද පිල‍ෙ හිටපු නියෝජ්‍ය ඇමති සරත් කුමාර ගුණරත්නට මුදල් සාවද්‍ය පරිහරණයට චෝදනාපත්‍ර භාරදෙයි appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico