මහින්ද පිලේ මන්ත්‍රීනියගේ වැලි ලොරිය අත්අඩංගුවටගත් පොලිස් සැරයන්වරයාට ඇප

තෙබුවන නගරයේදී ගිනි අවියක් අතැතිව සිය බාරයට ගත් වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් තෙබුවන පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා විසින් මුදා හැරීමට ගත් තීරණයට විරෝධය පළ කල පොලිස් සැරයන් සනත් ගුණවර්ධන අද (09) මතුගම මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා අධිකරණය ඇප ලබා දී තිබේ. රුපියල් පනස් දහසක ශරීර ඇපයක් මත සැරයන්වරයා මුදා හරින ලෙස මහෙස්ත්‍රාත්වරයා නියම කෙරිණි

තමන්ට සාධාරණය ඉෂ්ඨ නොකරන්නේ නම් වෙඩි තබාගන්නා බවට ප්‍රකාශ කරමින් එලෙස නොසන්සුකාරී ලෙස හැසිරුණු ඔහු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් පැය දෙකක පමණ උත්සාහයකින් අනතුරුව මෙල්ල කරගනු ලැබුවේය.

ඒ අනුව අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා පසු ගිය (04) දිනයේ මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර  නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා විසින් ඔහුගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට ද පියවර ගෙන තිබුණේය.

The post මහින්ද පිලේ මන්ත්‍රීනියගේ වැලි ලොරිය අත්අඩංගුවටගත් පොලිස් සැරයන්වරයාට ඇප appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico