මහින්ද පාර්ශ්වයට නැවත කතානායක බලතල සිහිපත් වීම දෛවයේ සරදමක් ද?

පසුගිය නොවැම්බර් 14,15,16 යන දිනවල පාර්ලිමේන්තු සභාගර්භය තුළ කළහකාරී ලෙස හැරෙමින් මහජන දේපළ හානිකළ, මන්ත්‍රීවරුන්ට සහ පොලිස් නිලධාරීන්ට පහරදුන් මන්ත්‍රීවරුන් සම්බන්ධ විමර්ශන පොලිසිය වෙත භාරදීම සුදුසු නොවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මන්ත්‍රීවරුන්ට දඬුවම් කිරීමේ බලතල පවා කථානායකවරයා සතුව පවතින බවත් එබැවින් සභා ගැබේ ගැටුම සම්බන්ධව කතානායකවරයා මැදිහත්විය යුතු බවත් හිටපු ජනාධිපතිවරයා පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ කළහකාරී සිදුවීම් පිළිබඳ කථානායක කරූ ජයසූරිය මහතා විසින් පත් කළ කමිටුවේ වාර්තාව ඊයේ (22) සභා ගත කළ අවස්ථාවේදී අදහස් දක්වමිනි.

මෙම කමිටු වාර්තාවෙන් ගැටුම සම්බන්ධ චෝදනා එල්ල කර ඇති බහුතර මන්ත්‍රීවරුන් පිරිස මහින්ද රාජපක්ෂ පාරශ්වය නියෝජනය කරන මන්ත්‍රීවරුන් වේ. ඔවුන් ඒ සියල්ල කළේ මහින්ද රාජපක්ෂ මහතාගේ මෙහෙයවීම යටතේ, ඒ මහතා ඉදිරිපිටම ය. එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතා අනීතිකව අත්පත් කරගත් අගමැති ධුරය රැක ගැනීමටය.

එසේම එදා කථානායකවරයාගේ බලතල ම ප්‍රශ්න කරමින් පාර්ලිමේන්තුවේ යකා නටන්නට තම මන්ත්‍රීවරුන් මෙහෙයවූ, තම මන්ත්‍රීවරුන් ලවා මිරිස් කුඩු ප්‍රහාර එල්ල කරවූ මහින්ද රාජපක්ෂ මහතාම අද කථානායකවරයාට මන්ත්‍රීවරුන්ට දඬුවම් කිරීමේ බලතල පවා තිබෙන බව සිහිපත් කිරීම අමුතුම ආකාරයේ විහිළුවකි.

මෙම ප්‍රකාශ හරහා පෙනී යන කරුණ නම්, මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පාර්ශ්වය ඔක්තෝබර් 26 දා සිදුකලේ දේශපාලන කුමන්ත්‍රණයක් සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් බව ඔවුන් විසින්ම පිළිගන්නා බවයි. එයට වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද වගකිව යුතුය.

කෙසේ වෙතත් මහින්ද පාර්ශ්වය දැන් තොරාගෙන තිබෙන්නේ අඩු දඬුවමක් හිමිවන මාවතක් ඔස්සේ ගමන් කිරීමටය. නමුත් රටේ පොදු නීතිය කාට උවද ක්‍රියාත්මක විය යුතු බව ජනතා මතයයි.

The post මහින්ද පාර්ශ්වයට නැවත කතානායක බලතල සිහිපත් වීම දෛවයේ සරදමක් ද? appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico