මහින්දානන්ද – වෙල්ගම ශ්‍රීලනිප ආසන සංවිධායක ධුරවලින් ඉවතට !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාවලපිටිය ආසන සංවිධායක ධුරය දැරූ මහින්දානන්ද අලුත්ගමගේ සහ, මතුගම ආසන සංවිධායක ධුරය දැරූ කුමාර වෙල්ගම යන මහත්වරුන් එම තනතුරුවලින් ඉවත් කර ඇත.

 

මතුගම ආසනයේ ශ‍්‍රීලනිප නව ආසන සංවිධායකවරිය ලෙස පත් කර ඇත්තේ හිටපු ඇමැතිනි සුමිත්‍රා ප්‍රියංගනී අබේධීර වන අතර මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එච්.ඒ. රණසිංහ මහතා නාවලපිටිය ශ‍්‍රීලනිප නව සංවිධායක ලෙස පත් කර ඇත.

ජනාධිපතිවරයා විසින් ජනාධිපති මන්දිරයේ දී ඊයේ පස්වරුවේ මෙම පත්වීම් ප‍්‍රධානය කර තිබේ.

The post මහින්දානන්ද – වෙල්ගම ශ්‍රීලනිප ආසන සංවිධායක ධුරවලින් ඉවතට ! appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico