මහින්දානන්ද අලුත්ගමගේ ඇප මත නිදහස් #SriLanka #LKA

මහින්දානන්ද අලුත්ගමගේ ඇප මත නිදහස්

 

ක්‍රීඩා අමාත්‍යවරයාව සිටියදී සතොස හරහා ගෙන්වූ රුපියල් මිලියන 39ක් වටිනා ක්‍රීඩා භාණ්ඩ පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන කටයුතු සඳහා යෙදවූ බවට වන චෝදනාවක් මත මහින්දානන්ද අලුත්ගමගේ ඊයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත් අඩංගුවට ගැනුණි.

ඔහුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 35,000ක මුදල් ඇපයක්, රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියම වූ අතර විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයට භාරදීමට ද නියම කෙරිණි.

ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය වෙනත් නඩුවක් සඳහා මහාධිකරණයට භාරදී ඇති බවට ඊයේ අධිකරණයට කරුණු ඉදිරිපත් කළ නමුත් එය ඔප්පු කිරීමට නොහැකි වීම නිසා මහින්දානන්ද මන්ත්‍රීවරයාට රක්ෂිත බන්ධනාගාරගත වීමට සිදුවිය.

අද දිනයේ අදාළ ලේඛන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව ඇප මත මුදාහැරුණු අතර නැවත මැයි 11 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කෙරිණි.

RN





Source From lankanewsweb
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico