මහරගම එජාප සංවිධායකධුරය චම්පිකට

එක්සත් ජාතික පක්ෂය සහාය දුන් අනෙකුත් පක්ෂවල මන්ත්‍රීවරුන් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකධුර ලබාදීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ(19) ගත් තීරණයකට අනුව  අමාත්‍ය පාඨලී චම්පික රණවක ට මහරගම ආසන සංවිධායක ධුරය ලබාදීමට එක්සත් ජාතික පක්ෂය තීරණය තිබේ.
ඒ අනුව විජිත් විජයමුණිද සොයිසා මන්ත්‍රීවරයාට කටාන ආසන සංවිධායකධුරයත්, අමාත්‍ය පාඨලී චම්පික රණවක ට මහරගම ආසන සංවිධායකධුරය ලබාදීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණයවී තිබේ.
චම්පික රණවක මහතා මීට පෙර අවස්ථා ගනනාවකදි විවිධ පක්ෂ නියෝජනය කල අතර අවසන් වරට හෙළ උරුමයේ නායකයා ලෙස කටයුතු කරන ලදි. ජනතා මිතුරෝ, සිහළ උරුමට , හෙළ උරුමය ආදී පක්ෂ පිහිටුවාගත් ඔහු අවසානයේ එක්සත් ජාතික පක්ෂයෙන් පසුගිය මහමැතිවරණයට තරඟ කරන ලදි.
පසුගිය මහින්ද රාජපක්ෂ පාලනයේ පාරිසරික සහ ස්වභාවික සම්පත්, විදුලි බල සහ බලශක්ති, තාක්ෂණික හා පරමාණුක බලශක්ති පිළිබද අමාතයධුර දැරූ රණවක මහතා රාජපක්ෂ පාලනයේ අවසානභාගයේදී රනිල්-මෛත්‍රී පාලනයට සහාය පලකරමින් ඔවුන් සමග එක්විය.
මීට පෙර සරත් පොන්සේකා මහතාද තම පක්ෂය විසුරුවා හැර කළණිය ආසනයේ එජාප සංවිධායක ධුරය භාරගෙන එජාපය හා එක්විය.

The post මහරගම එජාප සංවිධායකධුරය චම්පිකට appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico