මසක් ඇතුළත තුනයි… තබ්බෝවේ තවත් හස්තියෙක් මරා දමයි.. පරිසර ඇමති අතුළු බලධාරීන් තවත් නිහඩයි !

සෙල්ලන්කන්දල් රක්ෂිතය වාසභූමිය කරගත් ඇතෙක් මියගොස් සිටියදී කල්අඩිය ප්‍රදේශයෙන් (14) අද සොයාගන්නා ලදි.

වයස අවුරුදු 18 පමණවූ මෙම ඇතා අඩි තුනක් පමන දිග දල යුගලකින් යුත් අඩි (8)ක් පමන උස පිරිපුන් සිරුරක් හිමි ඇතෙකි.

කල්අඩිය දික්වැව ප්‍රදේශයේ නිවසක් පිටුපස මියගොස් වැටී සිටී මෙම ඇතා විදුලි සැරවැදීමෙන් මරණයට පත්වී ඇති බවට වනජීවී නිළධාරිහු සැක පලකරති. මාසයක් වැනි කාලයක් තුල තබ්බෝව අභය භූමියේ මියගිය තුන්වන ඇතා මෙම ඇතා බවද වනජීවී නිළධාරීහු පවසති.

The post මසක් ඇතුළත තුනයි… තබ්බෝවේ තවත් හස්තියෙක් මරා දමයි.. පරිසර ඇමති අතුළු බලධාරීන් තවත් නිහඩයි ! appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico