මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් 128 ක් මරුට

නිරිතදිග පාකිස්ථානයේ මැතිවරණ ප්‍රචාරක රැලියකට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 128 දෙනෙක් මිය ගොස් තිබෙනවා.BBC පුවත් සේවය සදහන් කරන්නේ මෙම බෝම්බ ප්‍රහාරයෙන් මෙවර මැතිවරණයට තරග කිරීමට නාම යෝජනා භාරදුන් අපේක්ෂකයෙක් ද මියගොස් ඇති බවයි. මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වීමට පෙර බානු ප්‍රදේශයේ මැතිවරණ රැලියකට එල්ලවූ තවත් බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 4 දෙනෙක් මිය ගොස් තිබෙනවා.පාකිස්ථානයේ මහ මැතිවරණය ජුලි මස 25 වැනිදා පැවැත්වීමට නියමිතයි.

The post මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් 128 ක් මරුට appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico