මන්ත්‍රී අළුත්ගමගේ ට ඇප! #SriLanka #LKA

මන්ත්‍රී අළුත්ගමගේ ට ඇප!

ක්‍රීඩා අමාත්‍යවරයාව සිටියදී සිදුවූ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාට අද උදෑසන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබුණි. උදෑසන සිට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අවට පොලිස් කැරළි මර්දන ඒකකයද යොදවා තිබුණි.

අළුත්ගමගේ මහතා ක්‍රීඩා ඇමතිවරයාව සිටි සමයේ ක්‍රීඩා අමාත්‍යාංශයට කැරම් බෝඩ් ඇතුළු ක්‍රීඩා ආම්පන්න මිලදී ගැනීමේදී රුපියල් මිලියන 39කට ආසන්න වංචාවක් සිදුකර ඇති බව ඔහුට එල්ල වී තිබූ චෝදනාවයි.

ඒ අනුව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද (16) උදෑසන ඔහුව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබුණි.

මෙම සිද්ධියට අදාළව පසුගිය 06 වැනිදා සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දු මහතාද කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගැනුණු අතර රු.ලක්ෂ 03ක ශරීර ඇප 2ක් හා රු.විසිපන්දහසක මුදල් ඇපයක් මත කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් මුදා හැරිණි.

– ආශිකා බ්‍රාහ්මණ





Source From lankanewsweb
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico