මන්ත්‍රීකම් බේරලා දුන්නාට මහින්දයි ගෝලයෝ ටිකයි අපිට කළගුණ සලකන්න ඕනෑ – මහින්ද අමරවීර

මහින්ද රාජපක්ෂ මහතාගේ විපක්ෂනායක ධුරය මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වූ පිරිසගේ මන්ත්‍රී ධුර ද ආරක්ෂා වුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ලෙස තමන් කථානායකවරයාට යැවූ ලිපිය නිසා බවත් එය නොවිණි නම් මහින්ද රාජපක්ෂගේ මෙන්ම ඔහුගේ ගෝලයින්ගේ මන්ත්‍රී ධුර ද අහෝසි වීමේ හැකියාව තිබුණු බවත් මහින්ද අමරවීර මහතා පෙන්වා දෙයි. එහෙයින් ඒ පිළිබඳ කෘතගුණ සලකමින් ඔවුන් එක්සත් ජනතා නිදහස් සන්ධානය වටා එක්වෙමින් ජයග්‍රහණය සඳහා පෙළගැසිය යුතු බවයි ඒ මහතා අවධාරණය කළේ. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (12) හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

“මගෙන් මේ මාධ්‍ය සහෝදරයත් අහනවා විපක්ෂ නායකකමටයි මන්ත්‍රීකම් දීපු එකටයි පුළුවන්ද උත්තරයක් දෙන්න කියලා. ඒකෙ ප්‍රශ්නයක් නෑ. ඒක අපි ඉතාමත් කැමැත්තෙන් කළ දෙයක් තමයි ඒ මන්ත්‍රීධුර ආරක්ෂා කරගන්න ලිපි ලිවීම. මගෙ ලියුම නොතිබෙන්නට බොහෝ වෙනසක් මේ රටේ ඇතිවෙන්නට තිබුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විශාල පිරිසකගේ මන්ත්‍රී ධුර අහිමි වෙන්න තිබුණා, තනතුරු බොහොමයක් අහිමි වෙන්න තිබුණා. හැබැයි එහෙම කරන්න මට වුවමනාවක් තිබුණෙ නෑ. එජනිසයට වුවමනාවක් තිබුණෙ නෑ.

ඒ නිසා මම හිතනවා, ඒ කණ්ඩායම සියලු දෙනා ඒක පිළිබඳ කෘතගුණ සලකලා, අපි සියලු දෙනා එකට එකතුවෙලා ඊළඟ ජයග්‍රහණ ලබාගන්න එකතුවෙයි කියලා” යනුවෙන් ඒ මහතා සඳහන් කළේය.

The post මන්ත්‍රීකම් බේරලා දුන්නාට මහින්දයි ගෝලයෝ ටිකයි අපිට කළගුණ සලකන්න ඕනෑ – මහින්ද අමරවීර appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico