මදීනා හෝටලයට ගිනි තැබු 7ක් රිමාන්ඩ්

මදීනා හෝටලයට ගිනි තැබු 7ක් රිමාන්ඩ්

ආණමඩුව නගරයේ පිහිටි  මදීනා හෝටලයට පෙට්‍රල් බෝම්බ තබා ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 7 දෙනා මෙම මස 19 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට ආණමඩුව වැඩබලන මහේස්ත්‍රාත් සුනිල් ජයවර්ධන මහතා ඊයේ (13) නියෝග කළේය.

මෙලෙස රිමාන්ඩ් ගත කරන ලද්දේ ආණමඩුව සහ ඒ අවට පදිංචිව සිටි තරුණයින් 7 දෙනෙක් වේ. ඔවුන් වයස අවුරුදු 18 – 22 වියේ පසුවන්නෝ වෙති.

පසුගිය 11 වැනි දා අලුයම 3.00 ට පමණ යතුරු පැදි  තුනකින් පැමිණ ඇති සැකකරුවන් මුලින්ම හෝටලය ඉදිරිපිට පෙට්‍ට්‍රල් වක් කර පසුව පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව විමර්ශන වලදී හෙළි වී ඇත.

ප්‍රහාරය සඳහා යොදා ගත් යතුරුපැදි 3 ක්ද පොලිස් බාරයට ගෙන ඇත.

සිද්ධිය වූ මදීනා හෝටලය අසල ඇති වෙනත් වෙළඳසලක සවි කර ඇති ආරක්ෂිත කැමරා පද්ධතියක දර්ශණ උපයෝගී කරගෙන එක් සැකකරුවෙකුව අත්අඩංගුවට ගැනීමෙන් පසු සෙසු සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇත.





Source From local-news AM
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico